Wednesday, 29 January 2014
විදේශ මුදල් අත් අඩoගුවට
රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමකින් යුතු විදේශ මුදල් තොගයක් නීති විරෝධීව රැගෙන ආ කාන්තාවක් ඊයේ ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට ගත්තේය. යූරෝ 16 444 ක් හා ඇමෙරිකානු ඩොලර් 16 000 ක් මේ අතර වූ බව රේගුව කියයි. මුදල් තොගය රාජ සන්තක කර සැකකාරියට රුපියල් ලක්ෂයක දඩ නියම කල බව රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
Tuesday, 28 January 2014
ඉමදුව ප්‍රාදේශීය සභාව උතුරු පළාත් සභාවට විරුද්ධ වෙයි.
උතුරු පළාත් සභාව පසුගිය 27 දින සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ සිදු වු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමේ යෝජනාවට විරුද්ධව ඒ සදහා විරෝධය ප්‍රකාශ කිරීමේ යොජනාවක් අද 28 දින ඉමදුව ප්‍රා දේශීය සභාව සම්මත කර ගන්නා ලදී. ඉමදුව ප්‍රාදේශීය සභාව සභාපති ඒ.වී සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 27 ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී රැස්විය.
මෙම යෝජනාව ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි මහතා ඉදිරිපත් කල අතර ප්‍රා දේශීය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) රත්නසිරි කෝරලගේ මහතා එම යෝජනාව ස්ථිර කරන ලදී. ප්‍රා දේශීය සභාවේ විපක්ෂය වන එ.ජා.ප ය ද මෙම යෝජනාවට පක්ෂ ව කරුණු ඉදිරිපත් කල අතර යෝජනාව ඒකමතිකව සම්මත විය.
ඉමදුව ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනය යටතේ පවතියි.
මෙම යෝජනාව ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි මහතා ඉදිරිපත් කල අතර ප්‍රා දේශීය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) රත්නසිරි කෝරලගේ මහතා එම යෝජනාව ස්ථිර කරන ලදී. ප්‍රා දේශීය සභාවේ විපක්ෂය වන එ.ජා.ප ය ද මෙම යෝජනාවට පක්ෂ ව කරුණු ඉදිරිපත් කල අතර යෝජනාව ඒකමතිකව සම්මත විය.
ඉමදුව ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනය යටතේ පවතියි.
Sunday, 26 January 2014
නීතියට පිටින් මරණ දඬුවම
තම බිරිය සමග අනියම් සබඳතා පවත්වමින් තමාට හිරිහැර කල පුද්ගලයෙකු කටුනායක නේවාසිකාගාරයකදී කපා කොටා මරා දැමීමේ වරදට ඇප මත නිදහස්ව සිටි අයෙකු අද උදේ වෙඩි තබා මරා දමා ඇත. කටුනායක රන් අබරණ අලෙවි සැලක හිමිකරුවෙකුවූ රාමනාදන් පුනීදන් නැමැති අය මෙසේ මරණයට පත්ව ඇති බව පොලීසිය කියයි. උසාවි නියෝග අනුව කටුනායක පොලීසියේ පෙනී සිට ආපසු යමින් සිටියදී කටුනායක වී මෝල පාරේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
Saturday, 25 January 2014
රුපියල් ලක්ෂ 500 ක් වටිනා රන් බිස්කට් අත් අඩoගුවට
රුපියල් ලක්ෂ 500 ක් වටිනා රන් බිස්කට් 10 ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි සිට පැමිණි ලාoකික ගුවන් මගියෙකු ඊයේ රාත්‍රී ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට ගෙන ඇත.නිල් පැහැති ටේප් පටි වලින් ඔතාගෙන පැමිණි මෙම රන් කැබලි වල බර කිලෝ 10 කි. රන් බිස්කට් තොගය රාජසන්තක කල රේගුව දඩ නියම කර නැත.
Wednesday, 22 January 2014
ආයෝජන කලාප සේවකයින්ට රුපියල් 1200 ක වැටුප් වැඩිවීමක්
ශ්‍රී ලoකා ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ ක්‍රියාත්මක විශේෂ කලාප හා ඉන් පිටත පිහිටි සියළු ආයතන සේවකයින්ට රුපියල් 1200 ක වැටුප් වැඩිවීමක් රජය නිර්දේශ කර ඇත. ශ්‍රී ලoකා ආයෝජන මණ්ඩල සභාපති ලක්ෂ්මන් ජයවීර මහතාගේ අත්සනින් යුතුව 2014 ජනවාරි 09 දින නිකුත් කල චක්‍රලේඛණයක් මගින් මෙම වැඩිවීම නිර්දේශ කර ඇති බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සoගමය පවසයි.
කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
Subscribe to:
Posts (Atom)