Sunday, 5 January 2014

තමා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර දමා යන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රි , ගයන්ත කරුණාතිලක. මැරනකන් යු.එන්.පී එක දාලා යන්නේ නෑ කියලා රෑ කියන අය උදේ අරලිය ගහ මන්දිරයේ තේ බොනවා. සුළු අපනයන බෝග නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා





තමා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර දමා යන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ මාධ් රකාශක පාර්ලිමේන්තු මන්තරි , ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මම රතිපත්තියක් අනූකූලව කටයුතු කරන කෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට මාව යැවීම සදහා කටයුතු කලේ මහජනතාව. එම තීරණයට පිටුපා මම කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂය අතහැර නොයන බවයි මහතා වැඩිදුරටත් සදහන් කලේ.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ් හමුවකදි සුළු අපනයන බෝග නියෝජ් අමාත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කලේ මහ ඇමතිධුර අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් ගයන්ත කරුණාතිලක මහතා සන්ධානයට එකතුවීම සදහා සුදානමින් සිටින බවයි.

මේ රකාශය කුමන පදනමක් අරමුණු කොටගෙන මුතුහෙට්ටිගම මහතා සදහන් කලාද යන්න තමාටද රශ්නයක්වි ඇති බවයි මන්තරිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

කිසියම් හේතුවක් මත මා හට  එක්සත් ජාතික පක්ෂය තුළින් ඉවත් වීමට සිදුවුවහොත් තමා ඉන් අනතුරුව කිසිදු පක්ෂයයකට එක් නොවන අතර තමන් මුළු දේශපාලන ජීවිතය තුළින්ම සමුගන්නවා. මම ඔය දෙපැත්තට පනින කෙනෙක් නොවෙයි.
මම .ජා. යේ රතිපත්ති වල සිටිමින් එය ආරක්ෂා කරන පුද්ගලයෙක්. අනිත් එක කොහොමත් මම ඉන්නේ ජාතික දේශපාලනයේ මට පළාත් සභා දේශපාලනයට ඒමට කිසි සේත්ම වුවමනාවක් නෑ.
සමාජය තුල යන රකාශවල සත් අසත්යතාවය ඉදිරි දිනවලදි ජනතාවට දැන ගැනීමට හැකියාවක් ඇති බවද මන්තරිවරයා මෙහිදි සදහන් කලා.

කෙසේ නමුත් අදාල මාධ්‍ය හමුවේ දී සුළු අපනයන බෝග නියෝජ් අමාත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කලේ මැරනකන් යු.එන්.පී එක දාලා යන්නේ නෑ කියලා රෑ කියන අය උදේ අරලිය ගහ මන්දිරයේ තේ බොනවා යනුවෙනි.
@ලංකින්ද නානායක්කාර

ව්‍යාපාරිකයෙන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි වසර 400 පැරණි අහංගම නගරයේ පොදු සූසාන භූමිය ජනතාව යළිත් අයිතිකර ගනිති.

       එත්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිවරයකුගේ ඥාතියෙකු කියන අයෙක්  වසර හාරසියක්ටත් වඩා පැරණි අහංගම කන්ද ප‍්‍රදේශයේ පොදු සූසාන භූමිය  අල්ලාගෙන හෝටලයක් හා වෙරළ උද්‍යානයක් ඇති කිරීමට විරෝධය ප‍්‍රකාශ කරමින් අහංගම නගරයේ හා අහංගම් කන්ද ප‍්‍රදේශයේ ජනතාව අද 05 දහවල් දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කළහ.මේ නිසා මාතර ගාල්ල මාර්ගයේ අධික වාහන තදබදයක්ද ඇතිවුහ.

 ගම්වාසිහු හා ප‍්‍රදේශවාසිහු එක්ව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි සොහොන් භූමිය සුද්ධ පවිත‍්‍රකර කැලෑව කපා පැරණි සොහොන් කොත්වල හා රණවිරු සොහොන් කොත්වල   සායම් ආලේප කිරීමද සිදු කළහ.
ප‍්‍රදේශවාසිහු මෙහි දී මෙසේ පැවැසුහ.
  අහංගම නගරයේ සල්ලිකාර මැරයෙන් වසර හාරසියක් තරම් පැරණි වු සුසාන භූමියට දේහයන් ගෙනඑන ඥාතිහුට මැරයෝ යොදවා තර්ජනය කරනවා. අහංගම අහංගම් කන්ද ප‍්‍රදේශයේ අක්කර ගණනක සුසාන භූමියක් ජනතාවට අහිමි කරමින් මෙහි හොටෙල් නිකේතනයක් ඉදි කිරීම සඳහා සුදානමින් සිටින නිසා ප‍්‍රදේශවාසිනට සුසාන භූමිය අහිමිවීමේ අවදානමකට පත්ව තිබෙනවා.
 මෙම සුසානය තම පරම්පරා ගණනක තිස්සේ පවත්වාගෙන යන පොදු සුසාන භූමියක්. මෙම ඉඩමේ හිමිකරුවා මෙය ප‍්‍රදේශවාසිනට පරිහරණය කිරීමට ලබාදී තිබෙනවා. නමුත්, මෙම ප‍්‍රදේශයේ මුදල් හා මැර බලයක් තිබෙන පුද්ගලයෙක් නැතිනම් සන්ධාන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකුගේ බෑනා කියන අයෙක් තමයි මේ සියලූම සෙල්ලම් දමන්නේ. ජනතාව බිය ගන්වමින් මෙම සුසානය අහිමි කරමින් සිටිනවා. මෙහි රණවිරු ස්මාරක හා රණවිරුවනගේ සොහොන් කොත්ද දැකිය හැකිය.1800 ගණන්වල සොහොන් කොත්ද  දැකිය හැකියි.මේ අසල විහාරස්ථානයක් තිබුනා ඒ විහාරස්ථානයේද කොටසක් අරගෙන පස් කණ්ඩියක් කපලා පන්සලටද හානි කරමින් මේ අය ඉන්ධන පිරවුම්හලක් සකස් කරා.

මෙම අවස්ථාවට සන්ධානයේ දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රී රණවිරු අජිත් ප‍්‍රසන්න මහතා එක්වෙමින් පැවසුවේ අපේම සන්ධානයේ අය මේ සල්ලිකාරයාගේ පැත්ත අරගෙන වෙරළ උද්‍යානයක් ඇති කිරිමට පියවර ගන්නවා. මම කියන්නේ මේ රණවිරු සොහොන් ආරක්ෂා කර මේ ප‍්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි.






Saturday, 4 January 2014




කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා චන්ද්‍රිකා ග්‍රාහක හා කොටස් රාජසන්තක කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය. සැකකරුට රුපියල් පණස් දහසක දඩයක් නියම කර ඇත.

Thursday, 2 January 2014

රජයට ලොකු ආදායමක්



            ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට ගත් රුපියල් මිලියන විසි දෙකක් වටිනා රන් කැබැලි රාජසන්තක කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය. 



                සැකකරුට රුපියල් ලක්ෂ 10 ක් දඩයක් නියම කර ඇත.ලේත් යන්ත‍්‍ර අච්චුවක්  තුල රන් කැබලි සගවාගෙන  චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණි සැකකරු බම්බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි තිස් තුන් හැවිරිදි   ශ‍්‍ර‍්‍රී ලාංකික රෙදි පිළි ව්‍යාපාරිකයෙකි.




         චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණි සැකකරුගේ හැසිරීම පිලිබඳ ඇති වූ සැකය මතසහකාර රේගු අධිකාරී නුවන් අබේනායක   ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුල තබු කිසියම් යන්ත‍්‍ර කොටසක් තුල මෙම රන් කැබැලි සගවා තිබූ බව රේගුව පවසයි. 
                                                                                     ඡායාරූප - කුමාරසිරි ප්‍රසද් - ගුවන්තොටුපොළ

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ලොව හොඳම චිත්‍රපටය ගැන පැවසූ වදන් එලෙසින්ම





ශාස්ත්‍රපති කොළොන්නාවේ නාරද හිමි



චිත්‍රපට සoස්ථාවේ සභාපති අශෝක සේරසිoහ මහතා



සිදුහත් කුමර චරිතය රඟ පෑ ඉන්දීය නලු ගගන් මලික්



නිෂ්පාදක නවීන් ගුණරත්න මහතා 



චිත්‍රපටයේ අධ්‍යක්ෂක සමන් වීරමන් මහතා

                                                           වීඩියෝ - කුමාරසිරි ප්‍රසාද්

Related Posts Plugin for WordPress, Blogger...