Friday, 14 March 2014

හොර මාධ්‍ය නඩයක් ගුවන්තොටේ


                             ගුවන් තොටුපොළ ස්ථිර වාර්තාකරුවන් ට ගුවන් තොටුපොළ ට  නිදහසේ ඇතුළු වීම එම සමාගම තහනම් කර තිබියදීත් එහි පුවත් සමහර මාධ්‍ය වෙත සපයන පිරිසක් පිළිබදව ගුවන් තොටුපොළින් වාර්තාවේ. මාධ්‍යවේදීන් නොවන මෙම පිරිස ගුවන් තොටුපොළ තුල සේවය කරන පිරිසක් බවට සැක කල හැකි බව ආරක්ෂක නිළධාරියෙක් පැවසීය.
ආසියානු කුසලානය දිනා පැමිණි ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම වාර්තාකිරීමට ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට අතුළුවීමට පවා මාධ්‍යවේදීන්ට නොහැකිව තිබියදී ගුවන් යානය අසලදී ගත් ඡායාරූපයක් වෙබ් අඩවි වල පළවීම මෙයට කදිම සාක්ෂියක්වේ. කුසලානය රැගෙන ගුවන් යානයෙන් බසින ඡායාරූපයක් දිනපතා පුවත්පතක වෙබ් අඩවියේද පළවී තිබිණි. ගුවන් තොටුපොළේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් රූපවාහිනී සේවයකට පුවත් සැපයූ සේවකයෙකු එම සමාගම ඉකුත් කාලයේ සේවයෙන් ඉවත් කර ඇත.

Thursday, 13 March 2014

මීළග ජනපති



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු මෙරට මීළග ජනාධිපති ධූරයට එකම සුදුස්සා මන්ත්‍රී නාමල් රාජපක්ෂ බව ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඊයේ 12 මීගමුවේදී පැවසීය. ඔහු එසේ පැවසුවේ බස්නාහිර පළාත් සභාවට තරග කරන ආචාර්ය පෝල් පෙරෙරා මහතාගේ ජය පතා ඔහුගේ නිවසේ පැවති ජන හමුවේදීය. 
අපි ත්‍රස්තවාදය රට තුළ පරාජය කලත් ඊලාම් සිහිනය බොදවෙලා නෑ රටින් පිට ජීවත්වෙන කොටි ඩයස් පෝරාව හා සමහර රාජ්‍ය නොවන සoවිධාන සමහර රාජ්‍ය නායකයින් සමග එක්වෙලා නැවතත් මෙම රට බෙදන්න පිඹුරුපත් හදනවා එමනිසා මීගමුවේ ජනතාව ගම්පහ ජනතාව බෙදුම්වාදයට ත්‍රස්තවාදයට මේ රට තුල කිසිදු තැනක් නොමති බව එක්සත් ජනතා සන්ධානයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමින් මේ මැතිවරණයේදී ලොවට පෙන්විය යුතු බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනතාව අමතමින් පැවසීය.
පෝල් පෙරෙරා මහතා වගේ උගතුන් බුද්ධිමතුන් ශ්‍රී ලoකා නිදහස් පක්ෂය වටා අද එක්වෙලා ඔබතුමන්ලාගේ නායකයා සරත් ගුණරත්න ඇමතිතුමා නිර්භයව ඕනෑම දෙයක්  අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න පුළුවන් ඇමතිවරයෙක් අපේ ගම් ප්‍රදෙශයේ ධීවර ජනතාවටත් ලොකු සේවයක් එතුමා කරනවා පෝල් පෙරෙරා මහතා ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ දක්ෂයෙක් උගතෙක් ගුරුවරයෙක් එතුමාගේ අත්දැකීම් වලින් ජනාධිපතිතුමා සමග එක්වෙලා අපි සමග එක්වෙලා ජනතාවට සේවය කරන්න එතුමා පියවර අරන් එමනිසා ඔබතුමන්ලා පෝල් පෙරෙරා මහතාව ජයග්‍රහණය කරවන්න කියලා මම ඉල්ලා සිටිනවා 
ඒ වගේම අපි විසිනව වෙනිදට ලෝකයට පණිවුඩයක් දෙමු මේ පොළොවේ පය ගහලා ජීවත්වෙන  අපි නැවතත් කිසි දවසක ත්‍රස්තවාදය හිස ඔසවන්න දෙන්නේ නෑ කියන පණිවුඩය ලබා දෙමින් එක්සත් ජනතා සන්ධානය ජයග්‍රණය කරවන්න  යැයි  නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
                                                                               කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Monday, 10 March 2014

ශ්‍රී ලoකා ක්‍රිකට්


ශ්‍රී ලoකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ 09 සවස දිවයිනට පැමිණියේය. මෙම අවස්ථාව ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට මලමාලා දමා පිලිගැනීමේ අවස්තාව ආවරණය කිරීමට ගුවන් තොටුපොළ බළධාරීන් අවසර ලබා නොදෙන ලදී. ශ්‍රී ලන්කා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු පැවසුවේ ගුවන් තොටුපොළ උප සභාපති වරයාට මාධ්‍ය වාර්තාකරුවන්ට අවසර ලබාදෙන ලෙස තමන් දැන්වූ බවයි. ගුවන් තොටුපොළ කළමනාකරු යටතේ සේවය කරන පරිපාලන සහායකයින් දෙදෙනෙක් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය තුළ ඡායාරූප හා වීඩියෝ කිරීම් කල බව ගුවන් තොටුපොළ සේවකයෙක් කීය.

Thursday, 6 March 2014

ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ


 ආයෝජන මණ්ඩලය  වැටුප් නිර්දේශ ලබා දෙනවා නිර්දේශ කියන්නේ නීති නොවේ නිර්දේශ කලා කියලා සේවකයින්ට පඩි වැඩි කරන සත් ගුණවත් හාම්පුත්තු රටේ නෑ 
බොහෝ වෙළද කලාප හාම්පුත්තු වැටුප් වැඩි කිරීම් ප්‍රමාද කරලා සේවකයින්ට මෙතෙක් දුන් පහසුකම් අහිමි කරලා
ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ කලාප සේවකයින්ට හාම්පුත්තු එක්ක සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව අන්තර් සමාගම් සේවක සන්ගමයේ සන්විධායක ලේකම් බ්‍රිහාන් ආබ්ඩීන් පැවසීය.
කලාප සේවකයින්ගේ පඩි වැඩි කර ගැනීම ට රජයට හාම්පුතුන්ට බලපෑම් කිරීම සදහා කටුනායක වෙළද කලාප සේවකයින් ඉකුත්  දින කටුනායක පොලීසිය ඉදිරිපිට දී කල උද්ගෝෂණයේදී ඔහු එසේ පැවසීය.
කටුනායක නොරටෙල් අන්තර් සමාගම් සේවක ශාඛාව මෙම විරෝධතාව සන්විධානය කලේය.
රටේ හැම තැනම කාර්මික ආරවුල් ඇතිවෙලා ජනතාවට ජීවත්වීමට නොහැකි ලෙස බඩු මිළ වැඩිවෙලා  උද්ධමන වේගය හා ජීවන අන්ක බොරු ඉලක්කම් විජ්ජා පෙන්වන  රජය මේවාට වගකිවයුතුයි  බ්‍රිහාන් ආබ්ඩීන් පැවසීය.

Wednesday, 5 March 2014

ඇෆ්ගනිස්ථාන් ජනාධිපති හමීඩ් කර්සායි එයි




      ඇෆ්ගනිස්ථාන් ජනාධිපති හමීඩ් කර්සායි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද සවස (05) කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියේය.
 ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට  පැමිණෙන ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා ගුවන් තොටුපොලේදී අගමැති දී මූ ජයරත්න , ඇමති එස් බී දිසානායක හා නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරෙරා මහත්වරු හා රජයේ නියෝජිතයෝ ගුවන් තොටුපොළේදී හරසරින් පිළිගත්හ.

                                                                                ඡායාරූපය - කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ



Related Posts Plugin for WordPress, Blogger...