Sunday, 9 February 2014

දුම්වැටි රාජසන්තකයි

              ඩුබායි සිට අද අළුයම රැගෙන ආ රුපියල් ලක්ෂ අටක්  පමණ වටිනා දුම්වැටි තොගය රාජසන්තක කල බව රේගුව කියයි. සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කර ඇත. කොළඹ ප්‍රදෙශයේ පදිoචි ලාoකිකයෙකු ගමන් මළු හතරක සගවාගෙන ආ සිගරට් කාටූන් 400 ක් ගුවන් තොටුපොළ රේගුව අද අළුයම අත් අඩoගුවට ගන්නා ලදී.

                                                                 @  කුමාරසිරි ප්‍රසාද්


ස්වරනාභරණ ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට

         


           ස්වරනාභරණ තොගයක්   ගමන් මල්ලේ සගවාගෙන  සාජා සිට මෙරටට  පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක  ගුවන්තොටුපොළේදී ඊයේ  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
කහ පැහැ රන් මාල 68 ක්, කහ පැහැ රන් බේස්ලට් 48ක්, රෝස  පැහැ රන් මාල 9 යක්,  සුදු රත්තරන් මාල 44 ක්,  රන් කරාබු ජෝඩු 10 යක් ,  පෙන්ඩන්ටි 02 ක්,  පලේඩියම් ලෝහ කැබලි දෙකක් සහ රිදී ග්‍රෑම් 45 ක් අත්අඩංගුවට ගත් භාන්ඩ අතරවේ .
එහි වටිනාකම රුපියල්  විසි දෙලක්ෂ හතලිස්  දහස් හයසිය විසිපහකි.


Friday, 7 February 2014

ලක්ෂ 160 කට වැඩි වටිනාකමි යුතු රන් බිස්කට් රේගු අත් අඩoගුවට

        




       රුපියල් ලක්ෂ 160 කට වැඩි වටිනාකමි යුතු රන් බිස්කට් 31 නීති විරෝධීව රට තුලට රැගෙන ඒමට උත්සාහ කල ලාoකික ගුවන් මගියෙකු අද අළුයම ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට  ගත්තේය. කලිසමේ ඉණ වාටියේ හා සපත්තු තුල මෙම රන් බිස්කට් සගවා තිබූ බව රේගුව කියයි.කාලයක් තිස්සේ කල විමර්ශණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසින්හ, සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත ගුරුගේ හා නුවන් අබේනායක මහත්වරු මෙම වැටලීම කර ඇත.



Tuesday, 4 February 2014

වුෂූ ක්‍රීඩාවට පදක්කම්



ඉන්දියාවේ පැවති තෙවන ලුසෆෝනියා ක්‍රීඩා උළෙලේ දී  රන් රිදී ලෝකඩ පදක්කම් ලැබූ ක්‍රීඩකයින් ගුවන් තොටුපොළේදී ශ්‍රී ලoකා වුෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා ඇතුළු නිළධාරීහු පිළිගත්හ. රන් පදක්කම් තුනක් ලැබූ ප්‍රබාත් මනුරoග  ඇතුළු ක්‍රීඩකයෝ ගුවන් තොටුපොළේ දී සමූහ  ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
                                                                                                      කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Sunday, 2 February 2014

ගුවන්තොටේ කම්කරු නායකයෙකුට අපලයි

ගුවන්තොටුපොළ හා සේවා   සමාගමේ ආරක්ෂක අoශයේ සේවකයෙකු හා වෘතීය  සමිති නායකයෙකුගේ ගුවන්  තොටුපොළ  රාජකාරී හැදුනුම්පත  ගුවන්තොටුපොළ සභාපති ගේ  උපදෙස්  අනුව  ආරක්ෂක  ප්‍රධානියා බලහත්කාරයෙන් ආපසු ලබාගෙන  ඇත.  ඔහුගේ වැටුප් ගෙවීමද අත්හිටුවන ලෙස  සභාපති  නියෝග කර  ඇත.                                                    

Related Posts Plugin for WordPress, Blogger...