Tuesday, 8 March 2016

කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය වසා උද්ගෝෂණයක



       සීදුව දව් සමිර විදුහලේ විදුහල්පතිවරයා මාරුකර යවා ඇතැයි කියමින් එම විදුහලේ සිසු සිසුවියන්ගේ මව්වරු පිරිසක් ඊයේ කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගය වසා උද්ගෝෂණයක නිරතවූහ.එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු හතර දෙනෙක් පොලිස් අත් අඩoගුවට ගත් බව පොලීසිය කියයි.

        ලෝක කාන්තා දිනයේ අපි පාරේ යනුවෙන් පවසමින් සීදුව සිට  පෙළපාලියකින්  කටුනායක දක්වා පැමිණි ඔවුහු කටුනායක පිහිටි මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය වට කළහ.
පොලිසිය මැදිහත්ව නියෝජිතයින් හතර දෙනෙක් මීගමුව කලාප අධ්යාපන අධ්‍යක්ෂකවරයා සමග සාකච්ඡාවකට යොමු කල බව පොලීසිය කියයි.

           විනය හේතුන් මත  විදුහල් පතිවරයා පළාත් අධ්යාපනදෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති බවත් පරීක්ෂණ වලින් පසුවඔහු නිවරදි කරු බව තීරණය වුවහොත් නැවත විදුහල්පති ලෙස පත්කරන බවට අධ්යාපන අධ්යක්ෂකවරයා ප්‍රකාශ කල බව එම සාකච්ඡාවට සහබාගීවූ ආනන්ද රෝස මහතා  පැවසීය. 
සීදුව දව් සමිර විදුහලේ විනය සකස් කරමින් විදුහල ප්‍රදේශයේ පිළිගැනීමට පත් විදුහලක් බවට පත් කිරීමට විදුහල් පතිවරයා විශාල සේවයක් කල බව උද්ගෝශණයට සහභාගීවූ මවක් පැවසුවාය.මෙම ක්‍රියාදාමය පිටුපස ප්‍රදේශයේ දේශපාලන කාන්තාවක් සිටින බවට සඳහන් පුවරු කාන්තාවෝ ප්‍රදර්ශණය කළහ.

          මාස කීපයකට පෙර  නියෝජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගීවූ උත්සව අවස්ථාවකදී කටුනායක සීදුව නගර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු විදුහල පිළිබඳව කල ප්‍රකාශයකට එරෙහිව විදුහල්පතිවරයා අදහස් දැක්වූ අතර එම අවස්ථාවේදී දැඩි උණුසුම් තත්වයක් විදුහලතුල ඇතිවූ බව සිසුවියකගේ මවක් පැවසුවාය. එම සිදුවීම පදනම් කර ගනිමින් විදුහල්පතිවරයාට එරෙහිව ප්‍රදේශයේ දේශපාලන හස්තය ක්‍රියාත්මක වන බව දෙමව්පියෝ කියති.
                                         කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ


Wednesday, 10 February 2016

ගාල්ල මහින්ද ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට ආදි සිසුන් පෙරමුණ ගනී.

@ ලංකින්ද නානායක්කාර 

ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීම සදහා සංවිධානය කර තිබු සෞඛ්‍ය කදවුරක් පසුගිය 07 දින එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ක්‍රීඩා කරණ දරුවන්ගේ නතර සිදුවන අබාධයන්ට අවම කිරීමේ අරමුණික් මහින්ද විද්‍යාලයීය 2002 ආදි ශිෂ්‍ය සංගමය මඟින් මෙම කදවුර සංවිධානය කර තිබුණි. විද්‍යාලයීය විවිධ ක්‍රීඩා අංග සිදුකරණ විශාල ක්‍රීඩකයින් ප්‍රමාණයක් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර මෙහි දී වෛද්‍යවරුන් විසින් අබාධ තත්වයන් ඇති වීමට හේතුව, අබාධ තත්වයන් මඟහරවා ගන්නා ආකාරය හා අබාධ යන්ට ප්‍රතිකාර කිරීම ද සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් , විද්‍යාලයීය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා ආදි සිසුන්, ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.



ජනපති විවෘර්ත කර ඉමදුව පොළෙහි කුණු කුණු වෙලා

ටී. විතානවසම්

පසුගිය නොවැම්බර් 21 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘර්ත කරනු ලැබු සියළු පහසුකම් සහිත ඉමදුව මහජන පොළෙහි, කුණු ඉමදුව ප්‍රා දේශීය සභාව මඟින් ඉවත් නොකිරීම නිසා ප්‍ර දේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතන බව වෙලදසැල් හිමියන් පවසයි. පසුගිය 09 අඟහරුවාදා පොළ අවසන් වීමෙන් පසු 11 වන බ්‍රහස්පතින්දා උදෑසන වනවිටත් ඉවත් කර නොතිඹීම නිසා මෙසේ ඉමදුව නගරය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිරී ගොස් ඇති බවත් මත්ස්‍ය වෙලදුන් ඉතිරි මත්ස්‍ය කොටස් එම ස්ථානයේ ම දමා ගොස් ඇති නිසාත් මෙම තත්වය වඩාත් උග්‍ර වී ඇති බවද , දැනුම්දිය යුතු සියළු පාර්ශව වලට මේ වන විට දැනුම් දුන්න ද වගකිව යුත්තන්ගෙන් මේ වන තෙක් කිසිදු පියවරක් ලැබී නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රා දේශීය සභාවේ ලේකම් එස්.සී. මුදලිගේ මහත්මියගෙන් විමසීමේ දී ඇය මෙසේ පැවසීය,
මේ කුණු දාන්න තැනක් මට නෑ. කලින් කුණු දාපු තැන ඉමදුව සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් අනුව වලක් කැපුවා කියා මට පොලිසි යන්නත් වුනා. කොහේහරි ගිහින්දාලා ගිනි තියන්න හැදුවොත් ග්‍රාමනිළධාරීන් එයට විරුද්ධ වෙනවා. දැන් කරන්න තියෙන්නේ පොල ටෙන්ඩරය දෙද්දී ඒ ගන්න කෙනාටම කුණු ගෙනියන්න කියන්න වෙන එකයි.

මහජන පොළෙහි කුණු තැනින් තැන දමා ඇති අයුරු

මත්ස්‍ය වෙලදුන් මත්ස්‍ය කොටස් දමා ගොස් ඇති අයුරු.



මත්ස්‍ය කෙටස් නිසා නව මත්ස්‍ය වෙලද සැලේ කාණු පද්දතිය පණුවන්ගෙන් පිරී ඇති අයුරු.

Thursday, 4 February 2016

68 වන නිදහස් සැමරුමට ගාල්ල බන්ධනාගාරයේ 20 කට නිදහස

@ ලංකින්ද නානායක්කාර

68 වන නිදහස් සමරුව වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුළු සුළු වැරදි යටතේ සිරගතව සිටි රැදවියන් 20 දෙනෙකු රජය විසින් නිදහස ලබා දෙන ලදී. එම රැදවියන් අතර පිරිමි රැදවියන් 19 දෙනෙකු සහ එක් කාන්තා රැදවියක් නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටත්ව යන ලදී. ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව රැදවියන් ගාල්ල බන්ධනාගාරයෙන් පිටත්ව යන අයුරු ඡායාරූපයෙහි දැක්වේ.


ටිපර් රථය අඩි 45 ක ප්‍රපාතයේ

@ ටී. විතානවසම්

ඉමදුව කනංකේ කුඩකේ ප්‍ර දේශයේ ඉදිවන නව නිවසක් කරා වැලි සහ සිමින්ති රැගෙන එමින් තිබු ටිපර් රථයක් 04 දින උදෑසන 10.30 පමණ එම නිවස ආසන්නයේ අඩි 45 පමණ ප්‍රපාතයකට පෙරලී ඇත. ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කුඩකේ පීල්ල ආසන්නයේ සිදු වු මෙම අනතුරින් තුවාල ලැබු ටිපර් රථයේ රියදුරු ගාල්ල ඉමදුව රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත. අදාල ටිපර් රථය පසුපසට එමින් නිවසේ මාර්ගය ඇතුල් කර අවස්ථාවේ එම මාර්ගයේ කොටස් කැඩී වැලි හා සිමින්ති සමඟින් ම ටිපර් රථය වට 04 ක පමණ ප්‍රමාණයක් පෙරලීමෙන් අනතුරුව මෙසේ තේ වත්තකට වැටී තිබේ. කෙසේ නමුත් අවට තිබු කිසිදු නිවසකට මෙම අනතුරින් හානියක් සිදු වී නොමැති අතර සිද්දිය සම්බන්ධයෙන් කනංකේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූපවලින් දැක්වෙන්නේ ටිපර් රථය පෙරලී ඇති ආකාරයයි.



Wednesday, 3 February 2016

අජිත් පෙරේරාට ගාල්ලත් විරුද්ධ වෙයි.....



ටී. විතානවසම්

පසුගිය දා පැවති බන්ඩාරගම ප්‍රා දේශීය සම්බන්ධීකරණ රැසවීමේ දී අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින්  දිවිනැඟුම සංවර්ධන නිළධාරියෙකුට තර්ජන කිරීමට විරෝධය දක්වමින් දිවිනැඟුම සංවර්ධන නිළධාරීන් 02 දින දහවල් ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත විය.
යහපාලන ආණ්ඩුවේ හරක් පැටව් එලි බැහැලා ආණ්ඩුවම වනසන්නට නිළධාරීන්ට බැන වැදිලා, ජනපතිදුනි මේ අහන්න මේ හිරිහැර නවත්වන්න, අජිත් පී ට අපි කියන්නේ තක්කඩි කම් නවත්වන්න, ඇමති අජිත්ගේ ප්‍රකාශය හෙලා දකිමු, යන සටන් පාඨ කියමින් ගාල්ල දිස්ත්‍රික්කයේ දිවිනැඟුම සංවර්ධන නිලධාරීන් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂන  නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර එහි සභාපති කිත්සිරි ගමගේ යන මහත්වරුන් ඇතුළු දිවිනැඟුම සංවර්ධන නිළධාරීන් 500-600 පමණ ප්‍රමාණයක් මෙම උද්ඝෝෂණය සදහා එක්විය.
ඡායාරූපවලින් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයකි.




ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් රාජ්‍ය සේවකයින්ගේ මනස සුවපත් කරන වැඩසටහනක්

@ ලංකින්ද නානායක්කාර

කාර්යක්ෂම හා ළුලදායී රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් රාජ්‍ය සේවකයන් අතර අනෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ සහ සේවයෙන් විඩාපත් වු මනස සන්සුන් කිරීම සදහා පවත්වනු ලැබු වැඩසටහනක් පසුගිය 29 දින ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටනේ දී රාජ්‍ය සේවකයින්ගේ දක්ෂතා එලි දක්වමින් ගීත , කවි, හිටිවන කවි. හා නාට්‍ය වලින් මෙම වැඩ සටහන සමන්විත විය.




 රාජ්‍ය සේවකයින්ගේ ළුලදායීතාවය වැඩිකිරීම සදහා සහ විඩාපත් වු මනස සන්සුන් කිරීම සදහා පවත්වනු ලැබු වැඩ සටහනේ ඡායාරූප කිහිපයක්.

ඉමදුව ප්‍ර දේශීය ලේකම් කාර්යාල සීමාව තුල පැවති රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලියේ ජය ඉමදුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල 01 කණ්ඩායමට

@ ලංකින්ද නානායක්කාර

නිරෝගීමත් රාජ්‍ය සේවයක් බිහිකිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දියත් කරණු ලැබු බෝනොවන රෝග වලක්වාගැනීමේ අරමුණ ඇතිව ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමාව තුල සිටින සියළු රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පවත්වනු ලැබු ක්‍රිකට් තරඟාවලිය පසුගිය 30 දින දිවයින පුරා පැවැතිවිණි. එහි දී ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල සීමාව තුල රාජ්‍ය ආයතන 11 කින් කණ්ඩායම් 11 ක සහභාගීත්වයෙන් සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් ඉමදුව ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ඉමදුව ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවියගේ හා ඉමදුව පොලිස් ස්ථානාධිපති එච්.වී.කේ. උපුල් කුමාර යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ජය ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.





තරඟාවලියේ ශූරතාවය දිනාගත් ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල කණ්ඩායම

Tuesday, 12 May 2015

නේපාලයේ සිට








නේපාලයේ සහන කටයුතු වල නිරතවූ ලාoකික හමුදා හා සිවිල් කණ්ඩායම පෙරේදා රාත්‍රී ආපසු පැමිණියහ.
ශ්‍රී ලාංකික හමුදා සහන කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිළධාරීන් 14 දෙනෙක්  සහ හමුදා සාමජිකයෝ  127 ක්, සිවිල් වෛදය උපදේශකවරු  4 දෙනෙක්  ඇතුලත් වුහ.  මේජර් ජනරාල් මෛත්‍රී ඩයස්  එහි  අණ දෙනා නිළධාරීයා වශයෙන් කටයුතු කල අතර බ්‍රිගේඩියර් ජගත් ගුණවර්ධන නියෝජ්‍ය අණ දෙන නිළධාරීයා විය.

                                                                                                @  කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Thursday, 20 November 2014

ජනපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟින් ඉමදුව නගරය රතින්ඥා හඩින් ගිඟිම් දෙයි.

@ ලංකින්ද නානායක්කාර

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමඟින් දිවයින පුරා ජනතාව රතින්ඥා දල්වමින් ප්‍රීති ඝෝෂා පවත්වන ලදී.
මීට සමඟාමීව ඉමදුව නගරයේ ද ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපතිවරයාගේ මුලිකත්වයෙන් සහ ප්‍ර දේශවාසීන්ගේ සහභාගීත්වයෙන් රතින්ඥා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත් වුහ.
මෙහි දී රැස්ව සිටි ජනතාව පවසා සිටියේ කවුරු කෙසේ මොන අපේක්ෂකයා ජනපති සටනට පැමිණිය ද රට බේරා ගත් අපේ නායකයා නැවත ජනාධිපතිවරයා බවට පත් කර මේ රටට කෙනෙහිලි කම් කරන ජාත්‍යන්තර ප්‍රජාවට තවමත් මේ රටේ ජනතාව ජනාධිපතිවරයා සමඟින් සිටින බව ඔප්පු කර පෙන්වන බවයි.





Tuesday, 28 October 2014

ඉමදුව ප්‍රාදේශීය සභාව යුරෝපා කොටි තහනමට එරෙහි වෙයි.

යුරෝපා සංගමය මඟින් අධිකරණ තීන්දුවක් ලෙස කොටි තහනම ඉවත් කිරීමට විරුද්දව යෝජනාවක් 28 දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාව මඟින් සම්මත කරන ලදී.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක් වු ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි මහතා මෙසේ පැවසීය,
අද රට තුල ව්‍යාකූල තත්වයක් ඇති කිරීම අරමුණු කරගෙන සිදු කරණ ලද ක්‍රියාදාමයක් මෙය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කල යුතුයි. එසේ ප්‍රකාශ කර සභාව ලෙස අපේ විරුද්ධත්වය මේ සදහා පල කල යුතුයි. එසේම ලංකාවේ සියළු පළාත් පාලන ආයතන වලට ද මේ සදහා එකතු වන ලෙස මම ආරාධනා කරනවා.
එසේ සිදු කර මේ සදහා විශාල ජන මතයක් සාදා රටක් ලෙස අපි මෙයට මුහුණ දිය යුතුයි. පසුගිය කාලවල අප ජීවත් වු අයුරු කාට හෝ අමතක නම් මේ වන විට ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන රටවල තත්වය ගැන සොයා බලන ලෙස ද ඒ මහතා මෙහි දී පැවසීය.
මෙම යෝජනාව ඉමදුව ප්‍රා දේශීය සභා මන්ත්‍රී රත්නසිරි කොරලගේ මහතා විසින් ස්ථිර කරන ලද අතර ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනා මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
විපක්ෂ නායක සහ එජප මන්ත්‍රී තිලක් අමරදිවාරකර මහතා මෙම යෝජනාවට විපක්ෂව කටයුතු කරනමින් මෙසේ පැවසීය,
ශ්‍රී ලංකා රජය ලෙස මෙයට මැදිහත් වු ආකාරය ගැන අපේ විරුද්ධත්වයක් තියෙනවා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු උප සභාපති උදාන කුසුම්සිරි මහතා ප්‍රකාශ කර සිටියේ එජාපය කිසිම අවස්ථාවක රටේ පැත්තේ සිටි පක්ෂයක් නොවන නිසා මෙම තීරණය ගැන ද අමුතුවෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් මේ කොටි තහනම ඉවත් කිරීම පසුපස එජාපය සිටිනවා යන්නට මෙය හොද උදාහරණයක් බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Monday, 20 October 2014

දිවි නැඟුම හයවන අදියර රටපුරා ඇරඹේ

@ ලංකින්ද නානායක්කාර
දිවි නැඟුම හයවන අදියර 20 දින දිවයින පුරා ග්‍රාමසේවා වසම් 14022 ක දී ආරම්භ කරන ලදී.
ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක් යන්න තේමාව කර ගනිමින් පවුල් ඒකක තුල ආර්ථිකය සහ පොෂණය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන් රය පුරා ආරම්භ වු මෙම වැඩ සටහට සමගාමීවඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාල විසින් සංවිධානය කරන ලද ගාල්ල දිස්ත්‍රික්කයේ පැල බෙදා දීම සහ පැල සිටුවීම මෙන්ම ජීවනෝපාය සදහා කිකිළි පැටවුන් බෙදා දීම නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව හොරදුගොඩ දී පැවිත්විණි.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී පියසිරි මහතා, ඉමදුව ප්‍රා දේශීය සභා සභාපති, උපසභාපති, ඉමදුව ප්‍රා දේශීය ලේක්ම් ලක්ෂ්මී කාන්තී යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

මීට සමගාමීවම බටපොල දී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාගෙන් ප්‍රධානත්වයෙන් දිවි නැඟුම වැඩ සටහන ආරම්භ විය, මෙහි දී අදහස් දැක් වු ප්‍රධාන අමාත්‍යවරයා,

දිවි නැඟුම යණු මිනිසුන් ඇට මස් නහර දක්වා කා වැදුණු වැඩ සටහනක් බවට දැන් පත්ව තිබෙනවා.
ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක් මෙය අද තේමාව ඒ තේමාව යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක අද දිවි නැගුම හයවන අදියර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙය ආරම්භයට ප්‍රථමයෙන් කෘෂිකාර්මික නොවන ජනතාවගෙන් මේ කෘෂිකාර්මික කටයුතු ඈත් වෙමින් තිබුනා. කුඹුරු ගොවි බිමි ගොඩකර රාජ්‍ය ප්‍රතිපත්ති තිබු යුගයක් අවසන් කර මේ රජය අද තට්ටු නිවාසයක සිටින ජනතාව පවා කිසියම් කෘෂිකාර්මික වැඩකට අතගසා තිබෙන තත්වයක් දක්වා රට ගෙන ඒමට හැකිවුනා.
රටක් ස්වයං පොෂිත වීමට නිවස ස්වයං පොෂිත විය යුතුමයි. ඒ සදහා අපි මේ වැඩ සටහන ලෝකයට පවා ආදර්ශයක් දෙමින් ආරම්භ කරා. අද ඇමරිකාණු ජනාධිපති ආර්ය පවා මේ ආකාරයෙන් තම ගෙවත්තෙහි කෘෂිකාර්මික බෝග වැවීම සදහා යොමු වී ඇති බවට විදේශ මාධ්‍ය පසුගිය දා වාර්තා කලා. එහෙම බැලුවහම එහේ මේ වැඩ පටන් ගෙන තිබෙන්නෙත් අපෙන් ඉගෙන ගෙන වගේ.
එසේම අපේ රටෙත් බොහෝ විශ්‍රාමිකයින් පවා අද මේ කෘෂිකර්මාන්තයට යොමු වී තිබෙනවා. මෙය තමයි අද ඇති වී තිබෙන වෙනස. මේ වෙනස සිදු කිරීමේ දී මුලින් බොහෝ දෙනෙක් විරුද්ධ වුනා පැළ පැලවෙන්නේ නෑ කිව්වා, වැඩක් නෑ කිව්වා මේවා සල්ලි කන වැඩ කිව්වා, කඩෙන් ගෙනල්ලා කන එක මීට ලාභයි කිව්වා මෙහමෙ කියපු හැම කෙනොම අද මේ වගාවන් වලට යොමු වෙලා. රාජ්‍ය ආයතන පෞද්ගලක ආයතන පවා අද තම ගෙවත්තේ පිට රට මලපැල වෙනුවට එලවළු පැල ඉන්දන්න පුරුදු වෙලා.
වෙනදා ගෙවත්තක අලංකාරයට ඉන්දන වෙනත් මල් වර්ග වෙනුවට අද එලවළු පැල වලින් ගෙවතු අලංකරණය වී තිබෙනවා. ලෝක ආහාර අර්බුදය රටක් ලෙස ජයගැනීමට ආරම්භ කර දිවි නැඟුම අද ජනතාවගේ වැඩ සටහනක් ලෙස මිනිසුන් වැලදගෙන තිබෙනවා. මේ හේතුවෙන් අපිට ඇති වු ගංවතුර, නියඟයන් වලදී පවා එලවළු මිල තරමක පාලනයක තබා ගැනීමට අපිට හැකියාව ලැබුනා. මමත් අද උදෑසන නිවසින් එන විට දිවිනැඟුම පලමු අදියර වෙනුවෙන් ලබා දුන් පැල අද විශාල ගස් වී ඇති අයුරුත් එයින් ජනතාව ළුලදාව ලබා ගන්නා අයුරුත් දුටුවා යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප්‍රධාන අමාත්‍යවරයා පැල සිටුවා දිවිනැගුම හයවන අදියර ආරම්භ කර අවස්ථාව සදහා ජනතාවට පැල, හා වෙනත් ජීවනෝපාය උපකරණ ලබා දුන් අවස්ථාවයි.

.
Related Posts Plugin for WordPress, Blogger...