Wednesday 29 January 2014

විදේශ මුදල් අත් අඩoගුවට


            රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමකින් යුතු විදේශ මුදල් තොගයක් නීති විරෝධීව රැගෙන ආ කාන්තාවක් ඊයේ ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට ගත්තේය. යූරෝ 16 444 ක් හා ඇමෙරිකානු ඩොලර් 16 000 ක් මේ අතර වූ බව රේගුව කියයි. මුදල් තොගය රාජ සන්තක කර සැකකාරියට රුපියල් ලක්ෂයක දඩ නියම කල බව රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

                                                                                                        කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Tuesday 28 January 2014

ඉමදුව ප්‍රාදේශීය සභාව උතුරු පළාත් සභාවට විරුද්ධ වෙයි.

උතුරු පළාත් සභාව පසුගිය 27 දින සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ සිදු වු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමේ යෝජනාවට විරුද්ධව ඒ සදහා විරෝධය ප්‍රකාශ කිරීමේ යොජනාවක් අද 28 දින ඉමදුව ප්‍රා දේශීය සභාව සම්මත කර ගන්නා ලදී. ඉමදුව ප්‍රාදේශීය සභාව සභාපති ඒ.වී සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 27 ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී රැස්විය.
මෙම යෝජනාව ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි මහතා ඉදිරිපත් කල අතර ප්‍රා දේශීය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) රත්නසිරි කෝරලගේ මහතා එම යෝජනාව ස්ථිර කරන ලදී. ප්‍රා දේශීය සභාවේ  විපක්ෂය වන එ.ජා.ප ය ද මෙම යෝජනාවට පක්ෂ ව කරුණු ඉදිරිපත් කල අතර යෝජනාව ඒකමතිකව සම්මත විය.
ඉමදුව ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනය යටතේ පවතියි.


Sunday 26 January 2014

නීතියට පිටින් මරණ දඬුවම

                   තම බිරිය සමග අනියම් සබඳතා පවත්වමින් තමාට හිරිහැර කල පුද්ගලයෙකු කටුනායක නේවාසිකාගාරයකදී කපා කොටා මරා දැමීමේ වරදට ඇප මත නිදහස්ව සිටි අයෙකු අද උදේ වෙඩි තබා මරා දමා ඇත. කටුනායක රන් අබරණ අලෙවි සැලක හිමිකරුවෙකුවූ රාමනාදන් පුනීදන් නැමැති අය මෙසේ මරණයට  පත්ව ඇති බව පොලීසිය කියයි. උසාවි නියෝග අනුව  කටුනායක පොලීසියේ පෙනී සිට ආපසු යමින් සිටියදී කටුනායක වී මෝල පාරේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
                                                                                              කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Saturday 25 January 2014

රුපියල් ලක්ෂ 500 ක් වටිනා රන් බිස්කට් අත් අඩoගුවට

           රුපියල් ලක්ෂ 500 ක් වටිනා රන් බිස්කට් 10 ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි සිට පැමිණි ලාoකික ගුවන් මගියෙකු ඊයේ රාත්‍රී ගුවන් තොටුපොළ රේගුව අත් අඩoගුවට ගෙන ඇත.නිල් පැහැති ටේප් පටි වලින් ඔතාගෙන පැමිණි මෙම රන් කැබලි වල බර කිලෝ 10 කි. රන් බිස්කට් තොගය රාජසන්තක කල රේගුව දඩ නියම කර නැත.

Wednesday 22 January 2014

ආයෝජන කලාප සේවකයින්ට රුපියල් 1200 ක වැටුප් වැඩිවීමක්



ශ්‍රී ලoකා ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ ක්‍රියාත්මක විශේෂ කලාප හා ඉන් පිටත පිහිටි සියළු ආයතන සේවකයින්ට රුපියල් 1200 ක වැටුප් වැඩිවීමක් රජය නිර්දේශ කර ඇත.  ශ්‍රී ලoකා ආයෝජන මණ්ඩල සභාපති ලක්ෂ්මන් ජයවීර මහතාගේ අත්සනින් යුතුව 2014 ජනවාරි 09 දින නිකුත් කල චක්‍රලේඛණයක් මගින් මෙම වැඩිවීම නිර්දේශ කර ඇති බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සoගමය පවසයි.
                                                                     කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ
                        

Tuesday 21 January 2014

මාලදිවයින් ජනපති මෙරටට




මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මහතා හා එම මැතිණිය ඇතුලු නියොජිත පිරිසක් ඊයේ මෙරටට පැමිණියහ. විදේශ කටයුතු ඇමති ජී එල් පීරිස්   මහතා ඇතුලු රජයේ නිළධාරීහු ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී මෙම පිරිස හරසරින් පිලිගත්හ.

                                                                                                     කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Friday 17 January 2014

විසඳුම් අරන් එන ගමන්



ඉන්දීය ශ්‍රී ලoකා ධීවර ගැටලු විසදා ගැනීමට ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ෂිඩ් මහතා සමග  සාර්ථක රාජතන්ත්‍රික සාකච්ඡාවකින් පසු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ 17 දිවයිනට පැමිණියේය.
මෙරට ධීවරයන්ට පහසුකම් වැඩි කර ගැනීම සදහා ආධාර ලබා දීමටත් ඉන්දීය ධීවරයන්ට නවීන බෝට්ටු හා තාක්ෂණය ලබා දෙමින් ඔවුන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වලට යොමු කිරීමට ඉන්දීය රජය පොරොන්දු වූ බව ඇමතිවරයා ගුවන් තොටුපොළේදී පැවසීය.
තමිල්නාඩුව ඇතුලුව සෑම ප්‍රාන්තයකදීම මෙරට ධීවරයන්ට එක සමානව සැලකීමටත් සිරගත කර තැබීම දඩ මුදල් අයකිරීම බෝට්ටු වලට දඩ ගැසීම නවත්වා සාකච්ඡා වලින් ගැටලු විසදා ගැනීමටත් මෙහිදී තීරණය වී ඇත.
ධීවර ගැටලු විසදා ගැනීමට දෙරටේ නියෝජිතයින් ගෙන් සමන්විත කමිටුවක් ද පත් කර ඇත. 2007 දී ඉන්දීය රජය ඉදිරිපත් කල කෙටුම් පතට අනුව දෙරටේ ධීවර ගැටළු විසදා ගැනීමට ඉදිරි සාකච්ඡා පැවත්වීමටද  ඉන්දීය විදේශ ඇමතිවරයා එකඟ වූ බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කීය.
නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න මහතා ඇතුළු නිළධාරීහු හා ධීවරයෝ ඇමතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

                                                                                                     කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ

Sunday 12 January 2014

කඹුරුගමුවට නව කලක්





දකුණු පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන, සත්ව නිෂ්පාදන හා පරිසර සoවර්ධන ඇමති බින්දු වීරසින්හ මහතාගේ සoකල්පයකට අනුව කඹුරුගමුව වැව ආශ්‍රිත ජල උද්ය්‍යානයක් අද  (12) ආරම්භවිය. ඉතා වේගයෙන් දියුණු වන වැලිගම සoචාරක කලාපයේ කොළඹ සිට මාතර ට පැමිණෙන විට ප්‍රධාන මග අසළ හමුවන පළමු වැව ආශ්‍රිතව ආරම්භ කල මෙම ව්‍යාපෘතිය නිසා සoචාරක ආකර්ශණය වැඩි වන බව වැලිගම ප්‍රාදේශීය සබාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා කීය.
ඇමතිවරු වන මෛත්‍රීපාල සිරිසේන,ඩලස් අලහප්පෙරුම හා චන්ද්‍රසිරි ගජධීර මහත්වරු ඇතුලු විශාල පිරිසක් මෙම අවථාවට සහභාගී වූහ.
                                                                                               කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ






Saturday 11 January 2014

මඩකලපුවේත සිංහල අය හිටියළු....අද...



නැගෙනහිර පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් වශයෙන් හදුන් වන මඩකලපුව අද සාමයේ නගරයක් ලෙස නම් කල හැකිය. වසර තිහක කාලයක් තිස්සේ පැවති යුද්ධයේ බිහිසුනු අත්දැකිම් අදද සැම තැන නටබුන්ව දැක ගත හැකියාවක් තිබේ.වසර ගණනාවකට පෙර 1985 පෙර මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව වාශය කල අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් ව්‍යාපාරිකයන්ය.ගාල්ල මාතර ප්‍ර දේශවලින් පැමිණි පුද්ගලයින් විශාල පිරිසක් දෙමළ ජනතාව සමග එක්ව කටයුතු කර තිබේ.අතිතයේ දිනක මෙරට මහා ගත් කරු මාටින් වික්‍රම සිංහයන්ද තරණ වියෙදි මඩකලපුව ප්‍රදේශයේ සිල්ලර වෙළද සැලැක ලියනනේකු වශයෙන් කටයුතු කර තිබෙන බව මා අසා ඇත්තේමු.

අද සිංහල පවුල් ඉතා සිමිතය ඔවුන් හට එහි ශක්තියක් නැත.1985දි පමණ ඊලාම් කොටි සංවිධානයට බියේ සිංහල පිරිස් මඩකලපුවෙන් ඉවත් වී ගොස් ඇත.එවකට  ඇතැම් අය තම ඉඩම අඩු මුදලකට විකුණා ගොස් ඇති අතර ඇතැම් අය මරණ බියෙන් පලා ගොස් තිබේ.අද එම ඉඩම් ද්‍රවිඩ ජාතිකයින් පදිංචිව සිටි.
මඩකලපුව නගරය මැද පිහිටා ඇති ශ්‍රි මංගලාරාම විහාරය 1922 පමණ ඉදිකර තිබෙන අතර .එය දකුණේ සම්ප්‍රධායන්ට අනුව ඉදි කර ඇත.80 දශකයේ දි මෙම විහාරස්ථානය කොටි ත්‍රස්තවාදින් විසින් ගිනි තබා විනාශ කරන ලදි .බෝධින් වහන්සෙද කපා ගිනි තබා තිබිණ.සියල්ල නැවත වරක් නිරිමාණය වනුයේ එවකට සිටි යුද හමුදාව විසිනි.

අද වන විට විහාරස්ථානයේ බුදු මැදුර අබලන්ව තිබේ.කිසිදු අයුරකින් දානයක් දෙන්නට බණක් පිරිතක් කියන්නට සිංහල පිරිසක් දක්නට නැත.එනමුත් අද වන විට මඩකලපුව දිස්ත්‍රික්කයට යනු ලබන සංචාරකයින් මෙම විහාරස්ථානය වැද පුදා ගැනිමට යාමට අමතක නොකරයි. මෙම විහාරස්ථානයේ දකින්ට ලැබෙන විශේෂත්වය නම් දකුණේ කලා ශිල්පින් විසින් නිර්මාණය කරණ ලද විහාර මන්දිරයේ ඇති අලංකාරයයි.සිතුවම් සහ පිළිම නොලිම දකුණු පැරණි විහාර කර්මානතයේ නැකම මත සිදු කර තිබේ.
සිංහල වන්දනා කරුවන් විශාල පිරිසක් නවාතැන් ගැනිමටද  මෙම විහාරස්ථානයට යනු ලබයි. අද වන විට මෙම විහාරස්ථානය  රැකබලා ගනිමින් අම්පිටියේ සුමනරතන ස්වාමින් වහන්සේ කටයුතු කරනු ලබයි.මේ වන විට සිංහල අයිතින් වෙනුවෙන් සහ බෞද්ධ සිද්ධස්ථාන රැක බලා ගැනිමෙදි සිදුවු ගැටළු හේතුවෙන් අධිකරණයේ නඩු 45 පමණ තිබෙන බව ස්වාමින් වහන්සේ පෙනවා දෙයි.මඩකලපුව ප්‍ර දේශයේ කිසිදු ස්ථානයක බුදු පිළිබයක් තබන්නට නොහැකි ලෙස මඩකලපුව පොලිසිය මගින් අධිකරණ නියෝගයක් ගෙන ඇත.
ඒ සමගම මංසන්දි දෙකක තැන්පත් කර තිබු බුදු පිළීම විනාශ කර සහ සොරා ගෙන ගොස් තිබේ.මෙම සිදුවිම් පිටුපස් ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රිවර්න්  සිටින බව විහාරධිපති ස්වාමින් වහන්සේ පැවසිය.විහාරයට අයත් භුමියේ විශාල ප්‍රමාණයක් අනවසරයෙන් අත්පත් කර ගෙන තිබෙන අතර එම කටයුත් වලදි විහාරය ආරක්ෂා කර ගැනිමට සහ එම ගැටුළු වලට තනිවම මුහුණ දිමට අම්පිටියේ සුමනරතන ස්වාමින් වහන්සේ සිදුව තිබේ .

කාලයාගේ ඇවැමෙන් විහාරස්ථානයේ බුදු මැදුර අබලනව තිබේ .මෙයා ස්ථාපිත කිරිමට ඇස්තමෙන්තු කර ඇති මුදල ලක්ෂ හතලිහකි. පලමු අදියර යටතේ බුදු මැදුරේ වහලය ප්‍රථිසංස්කරණය කර තිබේ.දැනට බුදු මැදුරේ සිතුවම් සහ පිළිම නැවත සක්ස කිරිමට රුපියල්  ලක්ෂ තිස්පහක පමණ මුදලක් වැය කිරිමට නියමිතය.මෙම විශාල මුදල් ප්‍රමාණය එකතු කර ගැනිම විශාල ගැටළුවක්ව තිබේ.එයට හේතුව වන්නේ මෙම විහාරස්ථානයට මඩකලපුවේ දායකයින් පිරිසක් නොවිමය. හුදෙලා විහාරයක් ලෙස තිබෙන මෙම විහාරස්ථානය කාලයක් තිස්සේ රැකබලා ගනු ලැබු මෙම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ පවසා සිටිනුයේ  ලොව වටා  සිටින බෞද්ධ ජනතාවට මෙම විහාරය රැක ගැනිමට උපකාර කරන ලෙසය. මෙම විහාරස්ථානය හැරෙන්නට වෙනත් ස්ථානයක් මඩකලපුවේ සිංහල අයට නොමැති අතර එය රැක ගැනිමට මෙරට මෙන්ම පිට රට බෞද්ධයින් එක් විම ඉතා වැදගත්වේ.

මේ වනවිට එම ප්‍රදේශයේ ජිවත් වන සියළු ද්‍රවිඩ ජාතිකයින් විහාරයට විරුද්ධ නොවන අතර දේශපාන ක්‍රයාවලියේ යෙදි සිටින ත්‍රස්තවාදි සෙවනැලි ඊට විරුද්ධව ක්‍රියත්මක වී ඇත.සිංහල ජාතිකයින් හට මඩකලපුවවේ ඇති ඉතිහාසික අයිතිය සනාතවනුයේ මෙම විහාරය තිබෙන ඉතිහසයත් සමග විම හේතුවෙන් එය විනාශ කිරිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
අතිතයේ පැවති බෞද්ධ විහාරස්ථානවල නටබුන් මඩකලපුව අවට භූමියේ තිබුනද ඒවා සංරක්ෂනය කර බෞද්ධ ජනතාව හට වැද පුදා ගැනිමට අවස්ථාවක් මේ වන විටත් සලසා නැත.ත්‍රිවිධ හමුදාවන් මෙම පුරාවිද්‍ය නටබුන් පිළිබද අවදානය යොමු කර රකින් බැවින් එම ස්ථාන අද ආරක්ෂා වී තිබෙන බව විහාරධිපති ස්වමින් වහන්සේ පෙනවා දෙයි.
ඔබට හැකිනම් උදව්වක් කරන්න කතා කරන්න මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අරමුදලක් ඇති කරිමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා දායකත්වය ලබා දිමට කැමති දායකයින් සදහා ශ්‍රි මංගලාරාම විහාර සංවර්ධන අරමුදල නම්න මඩකලපුවේ සම්පත් බැංකුවේ ගිනුමක් ආරම්භ කර තිබේ .එහි අංකය 113961000365 වන අතර මෙම විහාරස්ථානයේ ඉදිකිරිම් පිළිබදව 0771791883 යන දුරකථන අංකයෙන් විමසිය හැකිය.
                            
                                                                                                                                     
චන්දන ලියනආරච්ච්

Monday 6 January 2014

අපේ උරුමය ජපනට කියන්න

                                                               


       ශ්‍රී ලoකාවේ ජාතික උරුමයන් පිළිබදව ජපන් ජාතිකයින් දැනුවත් කිරීමේ විශේෂ රූපවාහිනී වැඩසටහනක් නිපදවීම ට ජපානයේ ෆුජි රූපවාහිනී  මාධ්‍ය කණ්ඩායමක් මෙරටට පමිණියේය. ජපානයේ මෙරට තානාපති වසන්ත කරණ්නාගොඩ මහතාගේ හා ජාතික උරුමයන් පිළිබද අමාත්‍යoශයේ අනුදැනුම මත මෙම කණ්ඩායම පැමිණ ඇත. ජපානයේ ජනප්‍රිය නිලියක් වන ෂොකෝ නකගාවා  මෙම වැඩ සටහන මෙහෙයවයි. පූජ්‍ය බානගල උපතිස්ස හිමි සoචාරක උපදේශක ලෙස්ලි වර්නන් මහතා ඇතුලු පිරිසක් මෙම කණ්ඩායම ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී පිළිගත්හ
                                                                                                                                                          කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ



Sunday 5 January 2014

ඉමදුව ජාතික පාසලේ විදුහල්පති ප්‍රශ්නය

ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය පාසලෙන් යවා මේ පාසල බේරා ගැනීම සදහා මම මාරාන්තික උපවාසයකට යන්න උනත් සුදානම්.                    ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර............                සභාපති කියන ඒවා ජාතික පාසලක විදුහල්පති කරන්න ඕන කියලා නීතියක් නෑ.
ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය එච්.වයි. සුමිත‍්‍රා මහත්මිය                    
ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය දෙයක් කියා තේරුම් කර දීමට හැකි කෙනෙකු නොවන බව ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 27 දින ඉමදුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති ඉමදුව සම්බන්ධීකරණ රැුස්වීමට සහභාගී වෙමිනි, මෙම රැස්වීම නියෝජ්‍ය කතානායක චන්දිම වීක්කොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණී. ඒ මහතා මෙසේ ද පැවසීය, මම නගරයේ ප‍්‍රධාන පුරවැසියා විධියට අනිකුත් මන්ත‍්‍රීවරුන් සමඟත් සාකච්ඡුා කරලා තමයි පාසලේ තියෙන අඩුපාඩු පෙන්නලා ලිිපියක් දැම්මේ. ඒ ලිපියේ තිබුණු පාසල අවසන් වුනාම ළමුන් දෙන්නා දෙන්නා යවන්න කියන එක එයාට කරන්න බෑ කියලා ගියවර මේ සම්බන්ධීකරණයේ දීම කියලා තියෙනවා. එහෙම දරුවන්ගේ වගකීම් වලින් ඈත් වෙන්න විදුහල්පතිවරුන්ට බෑ.
මම පසුගිය දවසක සභාවට අඵතින් ආපු නිළධාරියෙකුගේ දරුවෙක් පාසලට දාන්න ඇයට කතා කළා. මේ කතා කලේ නීත්‍යානුකූල විධියට. එතකොට ඇය කියනවා මගේ අඩුපාඩු හැමතැනම කතා කරලා දැන් ළමයි දාන්නත් එනවද?  පුඵවන් විධියකට දාගන්න කියලා. මෙහෙම අත්තනෝමතික ලෙස විදුහල්පතිවරුන්ට කටයුතු කරන්න දෙන්න බෑ.
ඒ වගේම පසුගිය සතියේ දික්කුඹුර ප‍්‍රදේශයේ පිරිසක් මුදල් බැදලා පාසලේ ක‍්‍රීඩා පිටිය වෙන්කරවාගෙන තියෙනවා. ඒ උත්සවයට මම එනවා කියලා ඇය ක‍්‍රීඩා පිටිය දීලා නෑ. මුදල් පවා ගෙවලා තියෙද්දී.

ඇය මේ ආකාරයෙන් නම් කටයුතු කරන්නනේ ඇයත් සමඟ මේ ආකාරයෙන් වැඩ කරන්න බෑ. ඇය මේ පාසලෙන් යවා මේ පාසල බේරා ගැනීම සදහා මම මාරාන්තික උපවාසයකට යන්න උනත් සුදානම්. මේයාගෙන් අපේ ප‍්‍රදේශයේ ප‍්‍රධානම පාසල බේරා ගත යුතුයි. මෙය තමයි හබරාදුවට තියෙන එකම ජාතික පාසල.

කෙසේ නමුත් අප මේ පිළිබදව ඉමදුව ජාතික පාසලේ විදුහල්පතිනිය එච්.වයි. සුමිත‍්‍රා මහත්මියගෙන් විමසීමක් කරා, ඇය මෙසේ පවසා සිටියා.
ඔය සභාපති කියන විධියේ විනය ප‍්‍රශ්න පාසලේ නෑ. මෙවර උසස් පෙළ  හොද ප‍්‍රතිඵල තියෙනවා. අපේ පාසලේ ජීව විද්‍යාවට ගුරුවරයෙක් නෑ, භෞතික විද්‍යාවට ගුරුවරයෙක් නෑ, එහෙම තියෙද් දිත් මෙවර ගණිත අංශයේ හොද ප‍්‍රතිඵල තියෙනවා. මේ අය අඩු පාඩුවක් හොයලා ඒක හදලා දෙන්නේ නෑ. බොරුවට විවේචනය කරනවා. සභාපති කවදාවත් පාසලට ඇවිත් බලලාවත් නෙවෙයි ඔය විවේචන කරන්නේ. කාගේ හරි වුවමනාකට ඔය විවේචන කරන්නේ. සභාපතිවරයා කලින් කියපු හැම ළමයෙක්ම මම ගත්තා. මේ සැරේ මම අහුවා ඔබ තුමා හොද නෑ කියන පාසලට ඇයි ළමයි දාන්නේ කියලා. මගේ ළමයෙක් නෙවෙයි කිව්වා. මම කිව්වා 45 අඩුව ළමයි ඉන්න පංතියක් තිබේනම් ගන්නම් කියලා. පිට්ටනියේ කතාව සංනිවේදනය හරියට නොවුන නිසා වුන තත්වයක්. මේ සභාපතිවරයා පෞද්ගලික තරහක් පිරිමහන්න හදනවා ද කොහේද?  ඒ අය කියන දේවල් මම නොකරණ නිසා ද කොහේද මාව විවේචනය කරන්නේ. එයාට ඔින කමක් තියෙනවා ඉමදුව පාසලට වඩා දික්කුඹුර විද්‍යාලය හොදයි කියලා කියන්න.
සභාපති කියන ඒවා ජාතික පාසලක විදුහල්පති කරන්න ඕන කියලා නීතියක් නෑ. නමුත් මනුස්ස කමට අපි එයාලා කියන දේවලූත් ටිකක් කරා. මට උපදෙස් දෙන්නේ අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන ලේකම්, එහෙම නැතිනම් අධ්‍යාපන කාර්යාලයෙන්. මම සුදුසුකම් සම්පුර්ණ කරලා ආපු විදුහල්පතිනියක්. මගේ රාජකාරිය මම හරියට කරනවා. නියෝජ්‍ය කතානායක තුමා ඒක දන්නවා.
@ ලංකින්ද නානායක්කාර

මුළු මහත් දේශපාලන ලොවේම අලුත් නොවන වෙනස් නොවන දෙයක් ඇතිනම් ලංකාවේ විපක්ෂ නායකයා හා එක්සත් ජාතික පක්ෂයේ නායකයා බව ලොවටම රහසක් නොවෙයි

'ලොවේ නොවෙනස්වන එකම දෙය වෙනස් වීමයි. එසේ නොවුණහොත් ලොවේ දියුණුවක් ඇති නොවේ.''අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව ලොව නොනගී.' යැයි කුමාරතුංග මුනිදාස සූරීන් පැවසුවේ ජනතාවට යහපතක් වන පරිදි අලුත් දේවල් නිපදවීමේ වටිනාකම පෙනිවීමටයි දේශපාලකයන් වන අපද අලුත් දෙවල් කළ යුතුයි. මුළු මහත් දේශපාලන ලොවේම අලුත් නොවන වෙනස් නොවන දෙයක් ඇතිනම් ලංකාවේ විපක්ෂ නායකයා හා එක්සත් ජාතික පක්ෂයේ නායකයා බව ලොවටම රහසක් නොවෙයි යැයිදකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා එසේ පැවසුවේ මාධ්‍යයට අදහස් දක්වමිනි පවසයි. ඒ මහතා ඒසේ පැවසුවේ පසුගිය දා පැවති දකුණු පළාතේ මගී ප්‍රවාහන සේවාවන්හි නියුක්ත වුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීම සදහා ශිෂ්‍යත්ව හා තාග්‍ය ලබා දී‍ෙම් උත්සවයක දීය. මෙම උත්සවය ගාල්ල දංගෙදර සමෝදා උත්සව ශාලාවේ දී පැවැත්විණි. වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,
පාර්ලිමේන්තුවටත් යා නොහැකි නායකයෙක් ජනතා විමුක්ති පෙරමුණේ ද සිටිනවා. ත්‍රිරෝද රථ පක්ෂයට වුවද එක් මන්ත්‍රී ධූරයක් ලැබුණහොත් පර්ලිමෙන්තුවට යන්නේ එහි නායකයා.පර්ලිමේන්තුව වගකීමක් එම නායකයා සතුව තිබෙනවා.
පළාත් සභා මැතිවරණයක් ආවොතින් මහ ඇමති අපේක්ෂකයෙක් නම් කරනවා. නමුත් අවසානයේ දී ඔහුට ඒ කියනනේ ජනතා විමුක්ති පෙරමුණ නම් කරන මහ ඇමති අපේක්ෂකයාටවත් පළාත් සභාවට යන්න ලැබෙන්නේ නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හඩ නගන්නේ දේශපාලන වේදිකාවේ පමණයි. ඔවුන්ගේ බංකොලොත් න්‍යායපත්‍ර සකස් කර ගෙන ඇත්තේ ඒ විදියට. බලාගෙන යන විට රනිලුත්, සෝමවංශත් තකට තක වගේ.
දේශපාලනය කලාවකි. සංවේදී හදවත් ඇත්තන්ට මේ ක්ෂේත්‍රෙ‍යේ ඉහළටම යා හැකියි. වත්මන් ජනාධිපතිතුමා මේ කලාව හොඳින් දැනගෙන කටයුතු කරනවා. සංවේදී නොවන්නෝ දේශපාලන කෙම්බිම මරු කතරක් කර ගන්නවා. රනිල් මංගල එවැන්නන්ගෙන් කීප දෙනෙක්.
 දේශපාලනයේදී හොඳ ඉවසීමක් තිබිය යුතුය. ඉවසුවා ඇති කියා බෝඩ් ලෑලි උස්සාගෙන යෑමෙන් පලක් නෑ. එවිට  ජනතාවටද තමන් ඉවසුවා ඇතැයි සිතෙනවා. කළු ගලකින් පිළියමක් නෙලන්නාට හිස් කඩදාසියක සිතුවමක් මවන්නාට වචන කිහිපයක් එකතු කොට තනුවක් සංගීතයක් මුසු කොට ගීතයක් නිමවන්නාට හොඳ ඉවසීමක් අවශ්‍යයි. සංවේදී සිතක් අවශ්‍යයි. දේශපාලනයත් එසේමයි.‍
ජනතාවගේ හදවත් ගැහෙනා රාවය දේශපාලඥයකු මුලින්ම හඳුනා ගත යුතුයි. ජනතාවගේ දහදියට, කඳුළට වටිනාකමක් ලබාදීම අපගේ පරම යුතුකමක්. මෙය පැහැර හරින්නාට සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සෝමවංශ අමරසිංහ මහතාට සිදුවූ දෙයමයි.
සී.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා ඇති කර ශිෂ්‍යත්ව විභාගය නිසා අද බොහෝ දෙනා ගමේ පාසලෙන් නගරයට ඇවිල්ලා ඉහල තැන් වලට ඇවිත් තියෙනවා. අද ශිෂ්‍යත්වය ගැන ‍ෙනායෙකුත් මත තිබෙනවා. නමුත් දෙයක් මතක තබා ගත යුතුයි. ශිෂ්‍යත්වය නොතිඹුනා නම් අද ඉන්න බොහෝ නායකයින් අද නායකයින් නෙවෙන්න තිබුනා.
අද අපි මේ උපහාරය කරන්නේ රටේ උදෑසනින්ම අවධි වී මිනිසුන් අවශ්‍ය තැනට ගෙනගොස් රටේ සංවර්ධනයට මහා පිටුවහලක් සපනය ඔබේ පියාගේ සේවය ඇගයීමක් වශයෙනුයි. ප්‍රවාහනය යනු නොපෙනෙන මහා බලවේගයක්. යනුවෙන් ද ඒ මහතා පැවසීය.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, දකුණු පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති, දකුණු පළාත් ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් රාජකුමාර ඇතුළු මහත්ම මහත්මී න්ද දකුණු පළාතේ ප්‍රවාහන සේවාවන්හි නියුතු සේවකයන් හා එම පවුල් වල දුවා දරුවන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

අහංගම දොම්මන්නගොඩ ජේෂ්ඨ පුරවැසි වැඩිහිටි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම


අහංගම දොම්මන්නගොඩ ජේෂ්ඨ පුරවැසි වැඩිහිටි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය දා අහංගම දී පැවැත්විණි.
වැඩිහිටියන්ගේ අපුරු නැටුම් ගැයුම් වලින් වර්නවත් වු මෙම අවස්ථාව සදහා දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී. පියසිරි මහතා සහභාගී විය.

@ ලංකින්ද නානායක්කාර

2013- 2014 වසර දෙකක අපුරු නිවුන් දරු උපත් දෙකක්

                               යාලෙනි සැන්ටොස්ට සිය වසර දෙකක උපන් නිවුන් දරුවන් දෙදෙනා සමග
 

2014 නව වසර උදාවීමත් සමඟ නිවුන් දරු උපත් දෙකක් පිළිබඳ පුදුම සහගත පුවතක් ලොකයෙන් වාර්තා වෙයි. එය ඇමෙරිකාව හා කැනඩාවෙන් යන යුරෝපා රටවල මෙම අපුරු සිදුවීම සිදු වී ඇත. එ් වසර දෙකකදී උපන් නිවුන් දරුවන් සිව්දෙනකු පිළිබඳයි.
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර දී යාලෙනි සැන්ටොස්ට පසුගිය දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රි 11.58 හා ඊට විනාඩි 3 කට පසු එනම් මේ වසරේ අලූයම 12.01ට පුතුන් දෙදෙනකු බිහිවිය.
එවැනිම පුවතක් වාර්තා කරමින් කැනඩාවේ ටොරෙන්ටෝ වෙතින් අසන්නටට ලැබුණේ දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රි 12.52ට හා පසුදින අලූයම 12 පසුවී තත්ත්පර 38ක් ගතවෙද්දී දියණියන් දෙදෙනකු ලිනිඞ්සේ සැල්ගුයිරෝ උපත ලබාදී තිබිණ.
විනාඩි කිහිපයක් තුළ ඉපදුණු නිවුන් දරුවන් වුවද මොවුන්ගේ උපත් වර්ෂය සටහන් වන්නේ 2013 හා 2014 ලෙසිනි. මෙය ඉතා දුලබ අවස්ථාවක් වන අතර ඔවුන්ගේ මාපියන් පවසා තිබුණේ ස්වර්ණමය උපතකට හිමිකම් කියූ මෙම නිවුන් දරුවන් සිව්දෙනා ජීවිත කාලයටම ඉතා හොඳ මිතුරන් වනු ඇති බවයි.
එසේම ඔවුන් දෙදෙනාගේ උපන් දිනයන් වෙන වෙනම සමරන බව ද ඔවුන් පවසයි.

යාලෙනි සැන්ටොස්ට සිය වසර දෙකක උපන් නිවුන් දරුවන් දෙදෙනා සමග

@ ලංකින්ද නානායක්කාර

අද අමරිකා එකසත් ජනපදයේ උනත් සමහර ස්ථාන වල රෝහලකට යන්න මිනිස්සුන්ට කිලෝ මීටර් 30 -35 යන්න වෙනවා ඒ කියන්නේ විනාඩි 40-45 විතර නමුත් හබරාදුව ආසනයේ රෝහල් හතරක් තිබෙනවා. ආසනයේ ඕනෑම කෙනෙකුට විනාඩි පහලොවක් ඇතුලත රෝහලකට යා හැකියි. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා



අද අමරිකා එකසත් ජනපදයේ උනත් සමහර ස්ථාන වල රෝහලකට යන්න මිනිස්සුන්ට කිලෝ මීටර් 30 -35 යන්න වෙනවා ඒ කියන්නේ විනාඩි 40-45 විතර නමුත් හබරාදුව ආසනයේ රෝහල් හතරක් තිබෙනවා. ආසනයේ ඕනෑම කෙනෙකුට විනාඩි පහලොවක් ඇතුලත රෝහලකට යා හැකියි. එවැනි ආකාරයකට හබරාදුව ආසනය තුල සහ ගාල්ල දිස්ත්‍රික්කය තුල සෞඛ්‍ය සේවාව දියුණු කොට තිබෙනවා. යැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය (04) ගාල්ල උනවටුනේ ඉදිකළ ගාල්ල දිස්ත්‍රික් සෞඛ් සේවා අධ්යක්ෂ කාර්යාලය සහිත ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවැරීම සදහා පැවැති උත්සව සභාව අමතමිණි. ඒ මහතා මෙසේ ද පැවසීය,


මේ ගෙවී යන්නේ පළාත් සභාවේ අවසන් දින කිහිපය. අපේ ප්‍රධාන අමාත්‍ය වරයා සුවිසල් වැඩ කොටසක් සිදුකර තිබෙනවා. එය අගය කල යුතුයි. මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන මහතා එන බව කලින් දැන ගත්තා නම් හබරාදුවේ ජනතාව මීට ඉහලින් ඔබ තුමාව පිළිගන්න සුදානම් වෙනවා. නමුත් මම මෙය දැන ගත්තෙත් ඊයේ රෑ. හබරාදුවේ මෙවැනි උත්සවයක් කරන විට මටත් පොඩ්ඩක් කලින් දැනුම් දෙන ලෙස මම දකුණු පළාත් සෞඛ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ගොඩනැගිල්ලේ කටයුතු වලට මමත් රමේෂ් මන්ත්‍රීවරයත් පාර්ලිමේන්තු කාරක සභාවේ ලොකු හඩක් නැගුවා.
රටේ දැවැන්ත ආකාරයට සෞඛ් අංශයේ සංවර්ධනයක් ඇතිව තිබෙනවා. ගම් මට්ටමින් නගර මට්ටමින්, දිසා මට්ටමින්, පළාත් මට්ටමින් දියුණු වී තියනවා. සෞඛ් අංශය දියුණු කර තියෙනවා.ගාල්ල කරාපිටිය,මහමෝදර රෝහල්ද දියුණු කිරිම සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යවරයාට ස්තුතිය පුද කරනවා.
ලෝකයේ සෞඛ් අංශයේ දියුණුවක් රටතුළ ඇතිකර දි තිබෙන්නේ මේ ආණ්ඩුවයි. සන්ධාන ආණ්ඩුවයි. අපේ ගරු ඇමති තුමායි.එතුමාට දෙස් විදෙස් ඇගයිමකට පත් වු නායකයෙක් එතුමා සෞඛ් අංශයේ දියුණුව ඇති කිරීමට පියවර ගැනිම සම්බන්ධයෙන් විදෙස් රටවලද ගෞරවයක්,කිර්තියක් ඇතිව සිටින නායකයෙන් වශයෙන් අප අගය කරනවා.
වෛද්‍යවරු,කාර්ය මණ්ඩලය හෙද හෙදියන්,මහජන පරික්ෂකවරු පවුල් සෞඛ් නිළධාරිනියක් ආදි සියලූම දෙනා සෞඛ් අංශය දියුණු කිරීමට උපරිම ආකාරයට කැපවී කටයුතු කරනවා.තම සේවාව ඉහළින් සිදු කරනවා.
ගාල්ල දිස්තරීක් මන්තරී දොස්තර රමේෂ් පතිරණ මහතා , ද කුණු පළාත් සභාවේ මන්තරීවරුන්වන .පී පියසිරි,කේ.ඞී ජයවිතරම, ඉමදුව රාදේශිය සභාවේ සභාපති සරත් කුමාර, ඉමදුව රාදේශිය සභාවේ උප සභාපති උදාන කුසුම්සිරි, හබරාදුව රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ,පළාත් සෞඛ් අමාත්යංශ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල යන මහජන නියෝජතියෝද  තවත් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුහ.
Related Posts Plugin for WordPress, Blogger...